අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ2022 වසරේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
අදාළ පෙත්සම විභාගයට ගත් අධිකරණය සඳහන් කර ඇත්තේ,අත්අඩංගුවට ගැනීම සහ දිගු කාලයක් රඳවා තැබීම නීතිමය ලෙස සාධාරණ නොවන බවයි.
මෙම තීන්දුවත් සමඟ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්
රාජ්‍ය අංශ ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලු මතු වී තිබෙන බවද නීතිවේදීන් පෙන්වා දෙයි.