Latest News

කපිලගෙන් මිලියන 60ක් මහින්දට දුන් බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


කපිල චන්ද්‍රසේන විසින්
මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 60ක මුදලක් ලබාදුන් බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළා.
2013 වසරේ SriLankan Airlines –
Airbus ගනුදෙනුවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී,
සැකකරු ලබාදුන් දිවුරුම් ප්‍රකාශයකින් හෙළිවී ඇත්තේ 2015 වසරේදී
හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මිලියන 20 බැගින් අවස්ථා තුනකදී
රු. මිලියන 60ක් බෙලිඅත්ත සහ තංගල්ල කාල්ටන් නිවසේදී ලබාදුන් බවයි.
එමෙන්ම එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න
වෙතද රුපියල් මිලියන 20ක් ලබාදුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති බව
විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා සිටියා.
විමර්ශන අනුව, එයාබස් සමාගම සමඟ ඇති කරගත් වංචනික ගිවිසුම් දෙකක් මගින්
අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක්
සිංගප්පූරු බැංකු ගිණුම් හරහා ලබාගෙන ඇති බවද හෙළි වී තිබෙනවා.
තවද, එම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන්
ශෂීන්ද්‍ර රාජපක්ෂ
වෙතද ගිණුම් හරහා මුදල් හුවමාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර
අදාළ පාර්ශවයන්ට එරෙහිව වරෙන්තු ලබා ගැනීමටද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
මෙම නඩුව දූෂණ විරෝධී පනත යටතේ සිදුකරන සංකීර්ණ ජාත්‍යන්තර විමර්ශනයක් බවද සඳහන්.

World News

Send your contact Details Today