කටාර් ගෑස් මධ්‍යස්ථානයට මිසයිල ප්‍රහාර – ඉරාන නිලධාරීන්ට පැය 24කින් පිටවන්න නියෝග
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන රාස් ලැෆාන් කාර්මික නගරය වෙත ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් රජය ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස, කටාර්හි පිහිටි ඉරානය තානාපති කාර්යාලයේ සිටින ආරක්ෂක සහ හමුදා උපදේශකවරුන්ට මෙන්ම ඔවුන් යටතේ සේවය කරන නිලධාරීන්ට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස කටාර් රජය නියෝග කර ඇත.
කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන්නේ,
“Ras Laffan කාර්මික නගරය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මෙම දරුණු ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකිනවා.
එහි ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් මධ්‍යස්ථානයට විශාල හානියක් සිදුව තිබෙනවා.”
කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ,
ගින්න බොහෝ දුරට පාලනය කර ඇති අතර කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බවයි.
ලොව විශාලතම LNG නිෂ්පාදකයා වන QatarEnergy තහවුරු කළේ සියලු සේවකයින් ආරක්ෂිතව සිටින බවයි.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ,
ඊශ්‍රායලය විසින් ඉරානයේ South Pars gas field වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපය පුරා ඇති තෙල් හා ගෑස් මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය තර්ජනය කර පැය කිහිපයකට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.