අලුතින් නම් කරන ලද රටවල් 12ක වීසා අයදුම්කරුවන් සඳහා ඇමෙරිකානු ඩොලර් 15,000 දක්වා වූ ඇප මුදලක් (Bond) තැන්පත් කිරීම අනිවාර්ය කිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
U.S. Department of State විසින් හඳුන්වා දී ඇති මෙම පියවර, වීසා කාලය ඉක්මවා එරට රැඳී සිටීම (Visa Overstay) අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් ලෙස සඳහන් වේ.
මෙම නව නීතිය බලපාන රටවල් අතරට පහත රටවල් ඇතුළත් බව වාර්තා වෙයි:
ඇෆ්ගනිස්ථානය
ඇන්ගෝලාව
භූතානය
චැඩ්
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
එරිත්‍රියාව
හයිටි
ලාඕසය
මියන්මාරය
පැපුවා නිව් ගිනියාව
සුඩානය
යේමනය
මෙම ඇප මුදල් අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් B1 / B2 (ව්‍යාපාරික හා සංචාරක) වීසා අයදුම්කරුවන්ට බලපාන බව සඳහන් වේ.
අදාළ පුද්ගලයා වීසා කාලය අවසන් වීමට පෙර එක්සත් ජනපදයෙන් පිටවන්නේ නම්, සහ සියලු කොන්දේසි සපුරාලන්නේ නම්, තැන්පත් කරන ලද ඩොලර් 15,000 මුදල නැවත ලබාගත හැකි (Refundable) බවද වාර්තා වෙයි.
මෙම පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ දිගු කාලයක සිට ගැටලුවක් ලෙස පවතින වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින් පාලනය කිරීම බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම නීතිය සියලුම අයදුම්කරුවන්ට පොදුවේ බලපාන්නේ නැති අතර, නිශ්චිත රටවල් සහ කාණ්ඩ සඳහා පමණක් ක්‍රියාත්මක වන බවත්, ක්‍රියාත්මක වන නිශ්චිත කාලසීමාවන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවත් සඳහන් වේ.