දකුණු ඉතාලියේ Caserta පළාතේ නාය යෑමක් සිදුව තිබෙනවා.
ඒ ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.
ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර ගැනෙන අතර, කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා අතුරුදන් වී ඇති බව සඳහන්.
වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ 40 හැවිරිදි ඇගේ පුතා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නායයෑමට හසුව තිබෙනවා.
ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වූවත්, ඔවුන් දෙදෙනාම මරණයට පත්ව ඇති බවටයි නිලධාරීන් සැක පළ කරන්නේ.
දකුණු ඉතාලිය පුරා ඇති මෙම අයහපත් කාලගුණය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.