ඉන්ධන ලබා ගැනීම සඳහා භාවිත කරන QR කේතය ලබාගැනීමට නොහැකිව ගැටලුවලට මුහුණ දුන් පිරිස් වෙත හෙට දිනයේදී විශේෂ අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපතිවරයා පවසයි.
මීට පෙර QR කේතය භාවිත කර ඉන්ධන ලබාගෙන නොමැති පිරිසට, හෙට දිනයේදී ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය නොසලකා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
එලෙස ඉන්ධන ලබා දීමේදී,
පාරිභෝගිකයා සතුව ඇති QR කේතය scan කර බැලීමෙන් පසු
අදාළ වාහනයට ඉන්ධන නිකුත් කරන බවත්,
QR කේත පද්ධතිය සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු අද දිනය තුළ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම තීරණය ගෙන ඇත්තේ QR පද්ධතිය ක්‍රියා නොකිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට ඇතිවූ අපහසුතා සැලකිල්ලට ගනිමින් බව සඳහන් වේ.