Latest News

මධ්‍යධරණී මුහුදේ රුසියානු ගෑස් නෞකාවකට පුපුරායෑමේ අවදානමක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


රුසියාවට අයත් Arctic Metagas නමැති දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාව මධ්‍යධරණී මුහුද තුළ පුපුරායෑමේ අවදානමක පවතින බව ඉතාලි රජය ප්‍රකාශ කර තිබේ.
මෙම නෞකාව සති දෙකකට පමණ පෙර ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, එම ප්‍රහාරයෙන් පසු නෞකාවේ ගෑස් ගබඩා පද්ධතියට හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නෞකාව පුපුරා ගියහොත් මහා පරිමාණ ගෑස් කාන්දුවක් සිදුවිය හැකි අතර, එය මධ්‍යධරණී මුහුදේ පාරිසරික පද්ධතියට දැඩි හානි කරනු ඇති බවට පරිසර විශේෂඥයින් අනතුරු අඟවයි.
එමෙන්ම, ආසන්න මුහුදු මාර්ගවල නාවික ගමනාගමනයටද බලපෑම් ඇති විය හැකි බව ඉතාලි නාවික බලකාය සඳහන් කර ඇත.

World News

Send your contact Details Today