Latest News

ඇමෙරිකාවෙන් ලංකාවට එන හෙලිකොප්ටර්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත එවා ඇති බව තහවුරු වී තිබේ.
මෙම තොරතුරු මහින්ද සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරන ලද මෙම හෙලිකොප්ටර් යානා 10, මාර්තු 15 වනදා අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පිහිටි Port Mobile වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්කර තිබූ අතර, ඒවා මේ වසරේ මැයි 24 වනදා මෙරටට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම යානා Bell 206B-3 Jet Ranger මාදිලියේ මිලිටරි ප්‍රභේදයට අයත් මෙහෙයුම් හෙලිකොප්ටර් වන අතර, ඒවා Sri Lanka Air Force වෙත භාරදීමට නියමිතය.
මෙම නව යානා එක් කිරීමෙන් උසස් නියමු පුහුණුව, ආපදා අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම, සෙවීම හා ගලවා ගැනීම ඇතුළු වැදගත් පොදු මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ හැකියාව වැඩිදියුණු වනු ඇති බවද සඳහන් වේ.
මෙම හෙලිකොප්ටර් සැලකිය යුතු ලෙස නවීකරණය කර ඇති අතර, මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත් කලාපීය ආරක්ෂාව සහ මානුෂීය මෙහෙයුම් සඳහා දෙරටේ කැපවීම ඉහළ නංවන බවත් මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම යානා භාරගැනීමට පෙර ඒවා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිත කණ්ඩායමක් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාවේ සංචාරයක නිරත වී තිබූ අතර, මෙම වටිනා පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකා එක්සත් ජනපදයට සිය කෘතඥතාවය පළ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

World News

Send your contact Details Today