Latest News

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්⁣ට විදුලි යතුරුපැදි 430ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වර්ෂයේදී ධීවර ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරත නිලධාරීන් 430 දෙනෙකු වෙත විදුලි යතුරුපැදි ලබාදීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සහ ජාතික ජල සම්පත් පර්යේෂණ සහයකයින් විසින් ඉටුකරන රාජකාරී වැඩිදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ විශේෂ අවධානයට ලක්ව ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.
මෙම යතුරුපැදි මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 264.59ක මුදල ඉන්දීය රජය විසින් මූල්‍ය ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟතාව පළකර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today