Latest News

ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
හෙක්ටයාර 602ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින මෙම සංරක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ වැදගත් පුරාවිද්‍යාත්මක හා පාරිසරික වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
නාමල් උයන තුළ පිහිටි රෝස තිරුවාණ කඳුවැටිය ද භූ විද්‍යාත්මක හා ස්වභාවික උරුමයක් ලෙස විශේෂ වැදගත්කමක් දරන බව සඳහන්.
විශේෂිත වියළි කලාපීය වනාන්තර පද්ධතිය, දුර්ලභ ඛනිජ ලක්ෂණ සහ පුරාණ බෞද්ධ ආරාම භූ දර්ශන එකට සම්බන්ධ වීම හේතුවෙන් මෙය දුර්ලභ උරුම සම්මිශ්‍රණයක් ලෙස විද්වත් අනුකමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.
එම නිර්දේශ අනුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

World News

Send your contact Details Today