Latest News

ගම්මන්පිලට එරෙහි මිලියන 20 නඩුව මාර්තු 27ට කල් යයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com




ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව මාර්තු 27 දක්වා කල් දමන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව නැවත එදින කැඳවන ලෙස නියෝග කළා.
1996 සැප්තැම්බර් 26 සිට 1997 සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම මඟින් මිලදී ගත් පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුව යහපාලන රජය සමයේ ගොනු කර තිබූ බවද අධිකරණයේදී සඳහන් වුණා.

World News

Send your contact Details Today