දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133ක් සමඟ නාවික හමුදා භාරයට ගත් “දිනූෂි” නමැති බහුදින ධීවර යාත්‍රාවේ හිමිකාරිය සහ ඇගේ පුත්‍රයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී බව පොලිසිය සඳහන් කළා.
අදාළ යාත්‍රාව පසුගියදා නාවික හමුදාව විසින් දෙවුන්දරට දකුණු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, එහි තිබී විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවද වාර්තා වෙයි.