ඉරාකයේ බෑග්ඩෑග් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් දැඩි ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව Reuters සහ Agence France-Presse පුවත් සේවාවන් වාර්තා කරයි.
ඉරාක ආරක්ෂක අංශ AFP වෙත ප්‍රකාශ කර ඇත්තේ, මෑත කාලය තුළ එල්ල වූ දැඩිම ප්‍රහාරය මෙය බවයි.
ප්‍රහාරය සිදුවීමට පැය කිහිපයකට පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.
එම අනතුරු ඇඟවීම තුළ සඳහන් කර තිබුණේ, ඉරානයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් බැග්ඩෑඩ් මධ්‍යයේ පිහිටි අන්තර්ජාතික ආරක්ෂිත කලාපය (International Zone) ඉලක්ක කරමින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉරාක ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.