1996 මාර්තු 17 වැනිදා පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ අතර, එම විජයග්‍රහණයට අදට වසර 30ක් සපිරෙනවා.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය හිමිකර ගත්තා.
එම තරගයේදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබා ගනිමින් තරගයේ වීරයා විය. ඔහු පන්දු යැවීමේදීද ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන්නා.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම අවස්ථාවක් ලෙස සැලකෙනවා.