ගාල්ල බටපොල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 9ක් සමඟ විශ්වවිද්‍යාල සිසුවෙකු අද (16) සවස ගාල්ල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බටපොල නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලිසිය සඳහන් කළා. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බවද අනාවරණය වී තිබෙනවා.
මීටියාගොඩ පොලිස් වසමේ පසුගිය වසරේ මැයි 3 දින සිදුවූ ඝාතන සිද්ධියක සැකකරු මෙම සිසුවාගේ පාසල් මිතුරෙකු වන බවත්, එම හඳුනාගැනීම මත මෙම ජීව උණ්ඩ ලබාදී ඇති බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, එය දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති අතර ආදායම් බලපත්‍රය අහංගම ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුගේ නමට නිකුත් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බටපොල පොලිසියට භාර දී ඇති අතර, ඔහු හෙට (17) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.