Latest News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා නිවසේ සිට සේවයට අවසර

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව කාසල් වීදියේ නව අමාත්‍යාංශ ගොඩනැගිල්ල, නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ල, ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු අංශ කිහිපයක නිලධාරීන් බදාදා දින නිවසේ සිට රාජකාරි කළ යුතු බව දැනුම් දී තිබෙනවා.
එසේම අත්‍යවශ්‍ය රාජකාරි සුවසිරිපාය පරිශ්‍රයේදී සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ අංශවල අත්‍යවශ්‍ය කාර්යයන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව සිදු කළ යුතු බවත් සඳහන්.
අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් අනෙකුත් අංශවල කාර්ය මණ්ඩලය අවම මට්ටමට සීමා කර බදාදා දිනවල සේවය පවත්වාගෙන යාමට අවධානය යොමු කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

World News

Send your contact Details Today