Latest News

බදාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගු යන අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් මෙම විශේෂ නිවාඩු තීරණයට ඇතුළත් නොවන බවද ඔහු පැවසුවා.
එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයද හැකි අවස්ථාවල සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
මෙම තීරණය තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක වන අතර, නව දැනුම්දීමක් නිකුත් කරන තුරු එය බලපැවැත්වෙන බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today