ඒකාබද්ධ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශවයම එකඟතාවයට පැමිණ ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළා.
අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නැකැත් සම්බන්ධයෙන් පැවති මතභේද අවසන් කර ඒකාබද්ධ තීරණයකට පැමිණීමට හැකි වූ බවයි.
ඒ අනුව ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම අවසන් එකඟතාවයට පැමිණි බව අමාත්‍යවරයා පැවසුවා.
මෙලෙස සකස් කරන නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.