කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් චතුරස්‍ර අසලදී නීති විරෝධී වීදි නාට්‍යයක් රඟ දැක්වීමේ චෝදනාව යටතේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ඇති නඩුව අගෝස්තු 17 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අදදින නියම කළා.
නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ පැවැත්වුණි. මේ අවස්ථාවේදී සැකකරුවන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙකුත් විත්තිකාරයෝ අධිකරණයට පැමිණ සිටියහ.
2022 නොවැම්බර් 14 වැනිදා, නිදහස් චතුරස්‍රයේ අසලදී පොලිස් ආඥා පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් රඟ දැක්වීමට කටයුතු කළ බවට කුරුඳුවත්ත පොලීසිය චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් පවසන්නේ, නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර ඇති අතර, එම උපදෙස් සලකා බලමින් අගෝස්තු 17 දින නඩුව යළි කැඳවීමට දිනය නියම කළ බවයි