QR පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කිරීමට සහ පිරවුම්හල්වල නිකුත් කරන ඉන්ධන තොග හා QR ක්‍රමවේදය යටතේ නිකුත් වන තෙල් ප්‍රමාණය අතර වෙනස සොයා බැලීමට අද (16) සිට දිවයින පුරා විමර්ශන අරඹන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළා.
QR කේතය නොමැතිව මගී වාහන සඳහා ඉන්ධන ලබා දීමට අවසර නොමැති බවත්, මගී ප්‍රවාහන බස් රථවලට ලංකා ගමන ගමන මණ්ඩලය හරහා තෙල් ලබා දෙන බවත් ඔහු සඳහන් කළා. කෘෂිකර්ම උපකරණ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවද ඔහු පැවසීය.
ඉන්ධන ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක වීමට යන බවද සභාපතිවරයා සඳහන් කළේය. QR කේතය හඳුන්වා දී ඇති බැවින් පෝලිම්වල රස්තියාදු වීමට අවශ්‍ය නොවන බවත්, පිරවුම්හල් සහ වෙබ් අඩවි වල ඇති ගැටළු සියල්ල නිරාකරණය කර ඇති බවද ඔහු සඳහන් කළා. ලබෙන මාසයේ අවසන් වන තෙක් ඉන්ධන තොග තිබේ බවද දැනුම් දුන්නා.