Latest News

සටන් විරාමයක් ඉල්ලුවේ නැහැ – ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉරානය කිසිදු අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීමක් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ගිවිසුමකට එළඹීමට කැමැත්ත පළ කළද කොන්දේසි ප්‍රමාණවත් නොවීම නිසා එකඟ නොවූ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අබ්බාස් අරග්චි සඳහන් කළේ, අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට කිසිදු හේතුවක් නොපෙනෙන බවත්, අමෙරිකාව පහර දීමට තීරණය කරන අවස්ථාවේදී පවා ඉරානය සාකච්ඡා කරමින් සිටි බවත්ය.
එමෙන්ම ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය හිතාමතා තෝරාගත් යුද්ධයක් බවත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

World News

Send your contact Details Today