Latest News

2027ට පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


2027 වසරේ සිට පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ ඊයෙ (15) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල් පද්ධතියට පමණක් සීමා නොවී පෙර පාසල් අධ්‍යාපනයද ප්‍රතිසංස්කරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
මේ දක්වා පෙර පාසල් ආරම්භ කිරීම හා මුල් ළමා විය සංවර්ධනය විධිමත් ලෙස සිදු නොවී ඇති බවත්, සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීම අවශ්‍ය බවත් ඇය පැවසුවාය. ඒ අනුව පෙර පාසල් නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමටත්, ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළාය.
2027 වසරේ නව විෂය නිර්දේශය හඳුන්වාදීමට සමගාමීව පෙර පාසල් ගුරුවරුන් සඳහා පිළිගත් විෂය මාලාවක් සකස් කර ඇති බවත්, ඉදිරියේදී ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීම සහ වැටුප් තලයක් යටතට ගෙන ඒම සඳහා පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එමෙන්ම රටේ ආර්ථික ස්ථාවරතාවය ලබාගැනීමත් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන බවද ඇය අවධාරණය කළාය.

World News

Send your contact Details Today