Latest News

මැදපෙරදිග උණුසුමෙන් ගුවන් වාර 768ක් අවලංගු

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගුවන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.
මෙම තත්ත්වය ලෝක ව්‍යාප්තව බලපෑමක් ඇති කර ඇති බවත්, ඒ හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 30කින් පමණ අඩුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු පැවසුවේ ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළ බවත්, ජපානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ද වැදගත් සංචාරක වෙළඳපොළ ලෙස පවතින බවයි.
උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් අනුරාධපුරයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ව්‍යාපෘති සියල්ල සාර්ථක කර ගැනීම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ බවයි.
එමෙන්ම අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සංස්කෘතික උරුමයන් විදේශ සංචාරකයින්ට හඳුන්වා දීමත්, කෘෂිකර්මාන්තය හා සාම්ප්‍රදායික ගම්මාන අත්දැකීම් මත පදනම් වූ සංචාරක වැඩසටහන් හරහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත් ඉදිරි සැලසුම් අතර වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

World News

Send your contact Details Today