Latest News

රාජ්‍ය සේවා ස්ථානමාරුවීම් අප්‍රේල් 02 සිට ක්‍රියාත්මක

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වර්ෂයට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නියම කර ඇති සියලු ස්ථානමාරුවීම් ලබන අප්‍රේල් 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දැනුම් දෙයි.
ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වන දිනය සඳහන් කර නොමැති සියලු නියෝග ද එම දිනයේ සිට බලපැවැත්වෙන බව සඳහන් කර තිබේ.
ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පිළිබඳ තීරණ මේ වන විට සියලු නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, එම තොරතුරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි පළ කර ඇත.
ඒ අනුව 2026 වාර්ෂික ස්ථානමාරු නියෝග ලැබූ සියලු නිලධාරීන් නියමිත දිනයේ නව සේවා ස්ථානයේ රාජකාරි භාරගත යුතු බව ද දැනුම් දී ඇත.
තවද, කොමිෂන් සභාව විසින් ගෙන ඇති ස්ථානමාරු තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරන ඉල්ලීම් හෝ නිර්දේශ නැවත සලකා නොබලන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today