Latest News

යුද තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාව සීමා කරයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අමෙරිකානු හමුදා ගුවන් යානා සඳහා තම ගුවන් සීමාව භාවිතා කිරීමට ලබාදී තිබූ අවසර සීමා කිරීමට ස්විට්සර්ලන්ත රජය පියවර ගෙන ඇත.
ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලය සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳ නීතිය අනුව යුද්ධයකට සම්බන්ධ පාර්ශවයන්ට හමුදාමය අරමුණු සඳහා ගුවන් සීමාව ලබාදිය නොහැකි බවයි.
ඒ අනුව අමෙරිකාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් ඉල්ලීම් පහෙන්, යුද කටයුතුවලට සෘජුව සම්බන්ධ බවට සැලකුණු ඔත්තු බැලීමේ ගුවන් යානා දෙකක් සඳහා අවසර ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් මානුෂීය කටයුතු, වෛද්‍ය ආධාර ප්‍රවාහනය සහ යුද්ධයට සෘජු සම්බන්ධයක් නොමැති නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගුවන් යානා තුනකට ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බවද සඳහන් වේ.

World News

Send your contact Details Today