ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලිය අගමැති ජෝර්ජියා මෙලනි පවසයි.
ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ සිටින ඉතාලි හමුදා ආපසු කැඳවන බවයි.
ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයක කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට තම රට සහභාගි නොවන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ප්‍රකාශය මැදපෙරදිග කලාපයේ පවතින යුධ උණුසුම අතර ප්‍රධාන දේශපාලනික පෙරළියක් ලෙස සැලකෙන බවයි.