Latest News

රජයේ ආයතන විමර්ශනට නිලධාරී 150ක සංචිතයක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාව, සහ පාර්ලිමේන්තු ව්‍යවසාය කාරක සභාව වෙතින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමට ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
විවිධ රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල සහ අධිකාරීවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් වැඩිවීමත් සමඟ පවතින විමර්ශන ඒකකයේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවලින් අයදුම්පත් කැඳවා නිලධාරීන් තෝරාගෙන, මූලික විමර්ශන නිලධාරීන් සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගෙන් සමන්විත සංචිතයක් පිහිටුවා ඇත.
තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය කණ්ඩායම් වශයෙන් පුහුණු කර ඇති අතර, එක් කණ්ඩායමකට දින 14ක පුහුණු වැඩසටහනක් පැවැත්වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today