Latest News

ඩීසල් බෙදාහැරීම සීමා කළ බවට චෝදනා – තොග ප්‍රමාණවත් බවට සංස්ථාව කියයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මෙරට පෞද්ගලික ඉන්ධන සැපයීම සිදුකරන සියලු සමාගම් මේ වන විට ඩීසල් බෙදා හැරීම සීමා කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර මේ බව සඳහන් කළේ අද (14) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර් රාජපක්ෂ ද අද පැවති වෙනත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අප කළ විමසීමකදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ලබන මස අවසානය දක්වා ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතින බවයි.
අදාළ සමාගම් ඩීසල් ඇණවුම් සීමා කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
අනෙක් අතට, ලංකා IOC සමාගම ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රගු සඳහන් කර ඇත්තේ, රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සමාගම සහ රජය එක්ව උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.

World News

Send your contact Details Today