Latest News

කුඩා දරුවන්ට Zoom ඉගැන්වීම අහිතකරයි – අධ්‍යාපන මනෝවිද්‍යා අනතුරු ඇඟවීමක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා Zoom හා වෙනත් මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව පිළිබඳව නිල වශයෙන් අවධාරණය කර ඇත.
පෙරපාසල් හා ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ සංවිධානය වන Online සම්මන්ත්‍රණ සම්බන්ධයෙන්, අධ්‍යාපන මනෝවිද්‍යා මත අනුව එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ ඉගෙනුම ක්‍රියාකාරකම් පාදක (Activity-based) සහ සමාජීය අන්තර්ක්‍රියා ඇති පරිසරයක සිදු විය යුතු බව සඳහන් වේ.
තිරයක් ඉදිරියේ දිගු වේලාවක් ගත කිරීම දරුවන්ගේ
සමාජීය කුසලතා වර්ධනය අඩාල කිරීම,
අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩු කිරීම,
නිර්මාණාත්මක චින්තනයට බාධා පමුණුවීම
වැනි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද පෙන්වා දී ඇත.
ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවන් සජීවී පරිසරය සමඟ සෘජුව සම්බන්ධ විය යුතු අතර, කුඩා වයසේදී තාක්ෂණික මෙවලම්වලට අධික ලෙස නිරාවරණය වීම මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර විය හැකි බවයි.
එම නිසා, වාණිජ අරමුණු මත සංවිධානය කරන Online පන්ති හා සම්මන්ත්‍රණවලට කුඩා දරුවන් යොමු කිරීමෙන් වැළකී සිටින ලෙස දෙමාපියන්ට දැනුම් දී ඇත.
දරුවෙකුගේ හොඳම ගුරුවරයා ඩිජිටල් තිරයක් නොව, පරිසරය සහ සජීවී අත්දැකීම් බවද මෙහිදී අවධාරණය කරයි.

World News

Send your contact Details Today