බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා.
එලෙස චන්දික හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ බංග්ලාදේශ පිල අතීතයේ ලැබූ සාර්ථකත්වය සාමුහිකත්වය මත ගොඩනැගුණු එකක් බවත්, හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවයි.
බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තා.
ඒ, අනුව නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවයි.