Latest News

අධික උෂ්ණත්වයෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට අවදානම

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාලගුණය උණුසුම් වීමත් සමඟ දරුවන්ට සහ වැඩිහිටියන්ට අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
එබැවින් හැකි සෑම අවස්ථාවකදීම ජලය හෝ සුදුසු දියර ප්‍රමාණවත් ලෙස පානය කරන ලෙස වෛද්‍යවරු ජනතාවට උපදෙස් දෙනවා.
වංසගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද දිනයේ උණුසුම් දර්ශකය ඉහළ මට්ටමක පවතින බවයි.

World News

Send your contact Details Today