Latest News

ඉරානයේ ප්‍රධාන තෙල් පර්යන්තයට ඇමෙරිකා ප්‍රහාර

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ ප්‍රධාන බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ කාර්ග් දූපතේ පිහිටි සියලු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි. නාවික සැතපුම් 15ක් පමණ ඉරාන වෙරළෙන් දුරින් පිහිටි මෙම කුඩා දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා.
ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් සිදුකරන්නේ මෙම දූපත හරහා වන අතර, එය එරට “තෙල් ජීවනාලිය” ලෙසද හැඳින්වෙනවා. චීනය ඇතුළු ප්‍රධාන තෙල් ගැනුම්කරුවන්ට තෙල් සැපයීමද මෙම පර්යන්තය මගින් සිදු වෙයි.
එබැවින් කාර්ග් දූපතට එල්ල වන ප්‍රහාර ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
තවද මෙම දූපත පාලනයට ගැනීම සඳහා අමෙරිකාව විශේෂ හමුදා යැවීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි

World News

Send your contact Details Today