Latest News

ඉරාන නායකයන් ගැන තොරතුරු දෙන අයට ඩොලර් මිලියන 10

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා මුදල් ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකරන යුද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා මැදපෙරදිග කලාපයට අමතර භට පිරිස්, මැරීන් හමුදා සහ නාවික නෞකා යෙදවීමටද අමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයක් ඉලක්ක කර අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වෙයි.

World News

Send your contact Details Today