Latest News

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට හදිසි සාකච්ඡා

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිවී තිබෙන බලපෑම් හමුවේ රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳ හදිසි සාකච්ඡාවක් අද (13) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගරියන් අතර මෙම හමුව පැවැත්වුණා.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාලයට ඇතිවී තිබෙන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුසියානු තෙල් ලබා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම වහාම රුසියානු රජයට දැනුම් දීමට තානාපතිවරයා එකඟ වූ අතර, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර සහය ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අවස්ථාවට කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ඇතුළු නිලධාරීන් ද එක්ව සිටියා.

World News

Send your contact Details Today