පසුගිය 04 වනදා ගාල්ල මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS DENA නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය නාවිකයන්ගේ සිරුරු අද (13) පෙරවරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
මියගිය නාවිකයන්ගේ සිරුරු 84ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමකදී සොයාගෙන කරාපිටිය ශික්ෂණ රෝහල වෙත භාර දී තිබුණා.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොටුව පොලිසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාල සිරුරු ඉරාන තානාපති කාර්යාලය වෙත භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
ඒ අනුව සිරුරු අද පෙරවරුවේ ඉරාන විශේෂ ගුවන් යානයක් මගින් මත්තල ගුවන්තොටුපොළ සිට රැගෙන යාමට නියමිතයි.