Latest News

උත්සව සමයේ අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් පිළිබඳ සැලකිලිමත් වන්න

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ඉදිරි උත්සව සමය සමඟ අන්තර්ජාලයේ පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීම් කළා.
සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.
විශේෂයෙන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ වට්ටම්, නොපවතින භාණ්ඩ සඳහා මුදල් ලබා ගැනීම සහ ව්‍යාජ වෙබ් අඩවි හරහා සිදු කරන වංචා වැඩි වශයෙන් සිදුවන බව ඔහු පැවසුවා.
එමෙන්ම, නොදන්නා වෙබ් අඩවි හරහා ගෙවීම් කිරීමට නොයැවීම, විශ්වාසදායක වෙළෙඳ ආයතන පමණක් භාවිතා කිරීම සහ සැකසහිත දැන්වීම් පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් බව සංසදය ජනතාවට මතක් කර සිටිනවා

World News

Send your contact Details Today