යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරාන පාලනය තලා දමන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරාන පාලනයට සහ ලෙබනනය පදනම් කරගත් ෂියා මිලීෂියා සංවිධානයක් වන හිස්බුල්ලා කණ්ඩායමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, ඔහු විප්ලවවාදී ආරක්ෂක බලකායේ බලපෑමට යටත් නායකයෙකු බවත් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අමතරව, ඉරාන ජනතාව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඔවුන්ට නිදහසේ නව මාවතකට පිවිසීමට අවස්ථාවක් ලැබෙන බවත්, ඊශ්‍රායලය ඔවුන්ට සහය දෙන නමුත් අවසාන තීරණය ඉරාන ජනතාවගේ අතේ පවතින බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රකාශය බීබීසී ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රසිද්ධියට පත් වූ බවයි.