ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
අමෙරිකානු හමුදාව තහවුරු කර ඇත්තේ අනතුරට ලක්ව ඇත්තේ Boeing KC-135 Stratotanker වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් බවයි.
මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවත්, ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බවත් සඳහන් කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි කාර්යාලය (CENTCOM) පවසන්නේ බටහිර ඉරාකයේ සිදුවූ මෙම අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර, සිද්ධියට සම්බන්ධ වූ දෙවැනි ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.