ICC කාන්තා T20 ලෝක කුසලානයට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නවතම ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල වෘත්තීය මට්ටමේ හොඳම ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම්වල මෙම ඉහළ යාම සිදුවන්නේ, අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමෙන් පසුවයි.
කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 48ක් සහ කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිය තුන් ඉරියව් හැකියාවන් එහිදී ප්‍රදර්ශනය කළා.
මෙම විශිෂ්ට දස්කම් නිසා ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ තුනේදීම ඇයගේ ස්ථාවරය වැඩි දියුණු කිරීමට උපකාරී වී තිබුණා.
ඇය ශ්‍රේණිගත කිරීම් හයක් ලබා ගනිමින් සිවුවැනි ස්ථානය රඳවා ගනිමින් ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින Nat Sciver-Brunt අසලට පැමිණීමට සමත් වුණා.
මීට අමතරව හර්ෂිතා සමරවික්‍රම අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 48ක් රැස් කිරීමෙන් පසු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 15ක් ඉදිරියට පැමිණ 29 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
තවද, පන්දු යවන්නියකවන අචිනි කුලසූරිය එම තරගයේදීම කඩුලු 3ක් දවාගනිමින් එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8ක් ඉදිරියට පැමිණ 36 වැනි ස්ථානයට පත්වෙමින් වෘත්තීය මට්ටමේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ද ලබා ගත්තා.
එමෙන්ම චමරි අතපත්තු එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8ක් ඉදිරියට පැමිණ 51 වැනි ස්ථානයට පත් වූ අතර කණ්ඩායමේ සගයන් වන ඉනෝෂි ප්‍රනාන්දු සහ සචිනි නිසංසලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් අයර්ලන්ත සංචාරයේදී ප්‍රබල දස්කම් දැක්වීමෙන් පසුව පළමු 100 අතරට පැමිණ තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල චමරි ස්ථාන දෙකක් ඉහළ ගොස් හත්වැනි ස්ථානයට පත් වූ අතර, කවිෂා දිල්හාරි එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 16 වැනි ස්ථානයට පත්වුණා.