Latest News

පළමු දේශනයෙන්ම ඉරාන නව නායකයාගෙන් අමෙරිකාවට තර්ජනයක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමු නිල ප්‍රකාශය නිකුත් කරමින්, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය ශක්තිමත් කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පටිගත කළ විශේෂ දේශනයක් හරහා ඔහු සඳහන් කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වහාම වසා දැමිය යුතු බවයි. එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
කෙසේවෙතත්, අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය හා සහයෝගීතාවය පවත්වාගෙන යාමට ඉරානය කැපවී සිටින බවත්, ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා ස්ථාන පමණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවද නව උත්තරීතර නායකවරයා සිය දේශනයේදී සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today