ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් සිදුකරමින් පවතින බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කළේය.
ඉන්දියාව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අසල්වැසි රටවලට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.