Latest News

සිසුසැරිය පුළුල් වෙයි – නව බස් රථ එක්වේ

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිසුසැරිය බස් රථ සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා මෙම වසර තුළ නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් එක් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “සිසුසැරිය” පාසල් බස් රථ සේවාව පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇති බව අද (12) ඉසුරුපාය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා.
එහිදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, ඒ සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වෙන් කර ඇති බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, සිසුසැරිය සේවාව දිවයින පුරා පුළුල් කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ ආරක්ෂිත වාහන හිමියන්ට ද එක්වීමට අවස්ථාව ලබාදෙන බවයි.
එමෙන්ම පාසල් ප්‍රවාහන සේවාවන් ප්‍රමිතිගත කිරීම සඳහා නව නීතිමය ක්‍රියාමාර්ග ද සකස් කරමින් පවතින බවත් එහිදී සඳහන් කෙරුණා.

World News

Send your contact Details Today