Latest News

වාහනයකට යටවී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිදු වූ අනතුරකින් හත් හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (12) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, එම පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට අයත් වාහනයක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස ගිය පසු තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය ඉදිරියට ගමන් කර ඇති බවයි.
එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි සිසුන් දෙදෙනෙකු වාහනයට යටවී ඇති අතර, එයින් එක් හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ අනෙක් සිසුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් වාහනයේ හිමිකරු වන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ, තමන් වාහනය නවතා බැස ගිය පසු මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today