Latest News

ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතා ප්‍රවාහන සේවාව ආරම්භ වෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 430.7ක මුදලක් වෙන් කර ඇති අතර, පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පහළ පතුල සහිත නවීන වායු සමනය කළ බස් රථ 10ක් මෙරටට ගෙනවිත් තිබෙනවා.
මෙම බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මාකුඹුර – පිටකොටුව සහ මාකුඹුර – කඩවත අතර සෑම විනාඩි 40කට වරක් ධාවනය කිරීමට නියමිතයි.
මෙම සේවාව සඳහා තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන අතර, ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් සේවයට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම බස් නැවතුම්පොළ ද ආබාධ සහිත පුද්ගලයන්ට පහසු වන පරිදි සංවර්ධනය කිරීමට නියමිත බව සඳහන්.

World News

Send your contact Details Today