Latest News

ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84ක් ඉරාන තානාපති කාර්යාලයට භාරදීමට නියෝග

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84ක් ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (11) පෙරවරුවේ නියෝග කර තිබෙනවා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව, මළ සිරුරු ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා මගින් ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

World News

Send your contact Details Today