Latest News

ට්‍රම්ප්ගේ දැඩි තර්ජනයට ඉරානයෙන් ප්‍රතිචාර – “හිස් තර්ජනවලට බිය නොවේ”

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට ඉරානය බාධා කිරීම දිගටම සිදුවුවහොත්, වොෂින්ටනය ඉරානයට “විසි ගුණයකින් දරුණු ලෙස” ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් එල්ල වී තිබේ.
ඒ අනුව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි X සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන ජනතාව ට්‍රම්ප්ගේ “හිස් තර්ජනවලට” කිසිසේත්ම බිය නොවන බවයි.
“ඔබට වඩා බලවත් අය පවා ඉරානය විනාශ කිරීමට උත්සාහ කර අසාර්ථක වී ඇත. එබැවින් පරිස්සම් වන්න. අවසානයේ විනාශයට පත්වන්නේ ඔබම විය හැකිය,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today