විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රසාද් රණසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවා තිබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබයි.