Latest News

ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තම රටට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් සිදුවන්නේ නම්, මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව අනතුරු ඇඟවීමක් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස මෙම අදහස් ඉරාන විප්ලවීය හමුදාව විසින් ප්‍රකාශ කර ඇති බවයි.
ඒ අනුව, තම රටට අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දිගටම එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

World News

Send your contact Details Today