Latest News

මෝටර් රථ අංක තහඩු මුද්‍රණය නව පෞද්ගලික සමාගමකට – මාස කිහිපයකින් සේවාව ආරම්භ කිරීමට සැලසුම්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුම අද (10) අත්සන් තැබීමත් සමඟ ක්‍රියාත්මක විය.
එම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ, මෙම ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත අදාළ සමාගම විසින් අංක තහඩු මුද්‍රණ කටයුතු ආරම්භ කළ යුතු බවයි.
මෙම ගිවිසුම සකස් කිරීම සඳහා දිගු කාලයක් ගතවූ බවත්, එය කැබිනට් අනුමැතිය ලබාගෙන නීතිපති උපදෙස් අනුව අවසන් වශයෙන් අත්සන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවද, සමාගම සමඟ මූලික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත්, මාස දෙකක පමණ කාලයක් ඇතුළත මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන තුනකට ආසන්න වටිනාකමක් සහිත අතර, වසර පහක කාලයක් සඳහා එය අදාළ සමාගමට පැවරී ඇත.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල පරිශ්‍රය තුළ මෙම මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මීට පෙර මාස දහයකට ආසන්න කාලයක් අංක තහඩු මුද්‍රණ කටයුතු නවතා තිබූ අතර, එම ප්‍රමාදය හේතුවෙන් සම්පූර්ණ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, අප්‍රේල් අග හෝ මැයි මුල සතිය වන විට අංක තහඩු මුද්‍රණය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළ අතර, අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය කිරීමට අදාළ සමාගම දැනටමත් සූදානම් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, සති තුනක් ඇතුළත එම සූදානම් කටයුතු අවසන් කරන බවත් අදාළ සමාගම දැනුම් දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today