නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත ප්‍රතිනිර්මාණය එළඹෙන 11 වැනිදා සිට මහජනතාවට නැරඹීමට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙම ප්‍රතිනිර්මාණය කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජනතාවට දැකගැනීමේ අවස්ථාව හිමිවන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච් සඳහන් කළා.
අද (09) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
මෙම හස්තියා චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කර ඇති අතර එවැනි සත්ව ප්‍රතිනිර්මාණයක් වසර 500ක් දක්වා කාලයක් තබාගත හැකි බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මනෝරි ගුණතිලක සඳහන් කළා.
එමෙන්ම මෙම ප්‍රතිනිර්මාණය සඳහා රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් වැය වී ඇති බවත්, ඉන් වැඩිම මුදල වැය වී ඇත්තේ හස්තියා තබා ගැනීම සඳහා සැකසූ විශේෂ වීදුරු කුටීරය සඳහා බවත් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරතන පැවසුවා. එම වීදුරු කුටීරය සඳහා පමණක් රුපියල් මිලියන 16කට ආසන්න මුදලක් වැය වී ඇති බව ද සඳහන්.
ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව දීර්ඝ කාලයක් වැඩම කළ මෙම හස්තියා 2022 මාර්තු 7 වැනිදා මිය ගිය අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 69ක් විය.
ජාතික වස්තුවක් ලෙස සැලකුණු මෙම හස්තියාගේ වාසස්ථානය මීරිගම ප්‍රදේශයේ පිහිටි හර්ෂ ධර්නිමවිජය මහතාගෙ නිවස බවද සඳහන්.